රුසියාවේ වෙළෙඳ මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් 4 දෙනෙකු මරුට (VIDEO)

රුසියාවේ වෙළෙඳ මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් 4 දෙනෙකු මරුට (VIDEO)

කර්තෘ Staff writer

12 Mar, 2015 | 6:19 am

රුසියාවේ, කසාන් ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට ලක් වී තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, රුසියාවේ කසාන් නගරයේ නාවික උපකරණ වෙළෙඳ මධ්‍යස්ථානයක පහළ මහලේ ගින්න හටගත් අතර පසුව එය ගොඩනැගිල්ල පුරාම පැතිර ගිය බව ය.

වර්ග මීටර 4,000ක පමණ ප්‍රමාණයක් ගින්නට හසුව විනාශ වී තිබේ.

ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන භටයින්ට පැය 9ක පමණ කාලයක් ගතව ඇතැයි සඳහන් වේ.

විදෙස් වාර්තා පැවසුවේ, ගින්නට හසුව 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර මධ්‍යස්ථානයේ මුදල් ඇතුළු බොහෝ උපකරණ විනාශ වී ඇති බව ය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

shopping-center-fire-kazan.si (2)