විශිෂ්ට ජයක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයේ දෙවන ස්ථානයට

විශිෂ්ට ජයක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයේ දෙවන ස්ථානයට

විශිෂ්ට ජයක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයේ දෙවන ස්ථානයට

කර්තෘ Sakila Udayakumara

11 Mar, 2015 | 4:56 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 148ක විශිෂ්ට ජයක් වාර්තා කළේ ය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් කුමාර් සංගක්කාර ලකුණු 124ක් ද, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 104ක් ද රැස් කළහ.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 51ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 363ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී ස්කොට්ලන්තයේ ජොෂ් ඩේවි කඩුලු 3ක් ද, ඇලෙස්ඩෙයාර් ඉවාන්ස් සහ රිචී බෙරින්ටන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

රොබ් ටේලර් සහ මැට් මාචන් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

ලකුණු 364ක ඉලක්කයක් කරා හඹා ගිය ස්කොට්ලන්තය පන්දුවාර 43යි එක් පන්දුවකදී සියලු කඩුලු දැවී ලකුණු 215ක් රැස් කළේ ය.

ස්කොට්ලන්තය වෙනුවෙන් වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ෆ්‍රෙඩී කොලේමන් ලකුණු 70ක් රැස් කළේ ය.

ප්‍රෙස්ටන් මොම්සෙන් ලකුණු 60ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 20කට කඩුලු 3ක් ද, දුෂ්මන්ත චමීර ලකුණු 51කට කඩුලු 3ක් ද බිඳ හෙළූහ.

ලසිත් මාලිංග කඩුලු 2ක් දවා ගත් අතර තිසර පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]