සංගා – ඩිල්ෂාන් විශිෂ්ට ඉනිමක: මැද පෙළ බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 363කට සීමා වෙයි

සංගා – ඩිල්ෂාන් විශිෂ්ට ඉනිමක: මැද පෙළ බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 363කට සීමා වෙයි

සංගා – ඩිල්ෂාන් විශිෂ්ට ඉනිමක: මැද පෙළ බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 363කට සීමා වෙයි

කර්තෘ Kumudu Jayawardana

11 Mar, 2015 | 1:21 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග පැවැත්වෙන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී කඩුලු 9කට ලකුණු 363ක් රැස් කළේ ය.

එහිදී, අඛණ්ඩව 4 වන ශතකය ද වාර්තා කළ කුමාර් සංගක්කාර ලකුණු 124ක් රැස් කළේ, පන්දු 95කදී ය.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 99කදී ලකුණු 104ක් රැස් කළේ ය.

නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 21කදී ලකුණු 51ක් රැස් කරමින් ලෝක කුසලාන තරගාවලියක දෙවන වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළේ ය.

සිය දෙවන එක්දින තරගයට සහභාගි වෙමින් ජාත්‍යන්තර එක්දින තරගයක පළමු වරට පන්දුවට පහර දුන් දුෂ්මන්ත චමීර පන්දු 9කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 12ක් රැස් කිරීමට සමත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]