MH370 කඳුළු කතාවට අදට වසරක් සපිරේ

MH370 කඳුළු කතාවට අදට වසරක් සපිරේ

MH370 කඳුළු කතාවට අදට වසරක් සපිරේ

කර්තෘ Staff writer

08 Mar, 2015 | 12:21 pm

MH370 ගුවන් යානය අතුරුදන් වී අදට වසරක් සපිරේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ නිමිත්තෙන් අද ක්වාලාලම්පූර් නුවර සැමරුම් උත්සව රැසක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ය.

පුද්ගලයින් 239 දෙනෙකු රැගත් MH370 යානය පසුගිය වසරේ මාර්තු මස 8 වන දා අතුරුදන් වූයේ මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බෙයිජිං බලා පියාසර කරමින් තිබියදී ය.

යානය අතුරුදන්ව අදට වසරක් සපිරුණ ද යානය පිළිබදව මෙතෙක් කිසිඳු හෝඩුවාවක් ලැබී නොමැත.

යානයේ ගමන් ගත් පිරිස සිහිපත් කරමින් ඉකුත් දින කිහිපයේ සිටම ලොව රටවල් කිහිපයකම විවිධ වැඩසටහන් පැවැත්වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර යානය අතුරුදන්ව වසරක් සපිරෙන අද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝර්නි ඇබර්ට් මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා ඇත්තේ යානය සෙවීමේ මෙහෙයුම් අඛන්ඩව සිදුකරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]