ජාතික කාන්තා දින උත්සවය අමතමින් අගමැතිවරයා පළ කළ අදහස් (VIDEO)

ජාතික කාන්තා දින උත්සවය අමතමින් අගමැතිවරයා පළ කළ අදහස් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

08 Mar, 2015 | 9:56 pm

ගැහැනු දරුවන්ට එරෙහි හිංසනය පිටුදැකීම සඳහා වන කොමිෂන් සභා වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට කාර්යය සාධක බලකායක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද අනුරාධපුරයේ පැවති ජාතික කාන්තා දින උත්සවය අමතමිනි.

කාන්තාවට යහපත් රටක් යන තේමාවෙන් ජාතික කාන්තා දින උත්සවය අද පෙරවරුවේ අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත් විය.

ජාතික කාන්තා දින උත්සවය වෙනුවෙන් ජනාධිපතිවරයා යොමු කරන ලද පණිවිඩය එහිදී ඉදිරිපත් කළේ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා විසිනි.