ටෙස්ට් වරම් ඇති සිම්බාබ්වේ ටෙස්ට් වරම් නැති අයර්ලන්තයට පරදී

ටෙස්ට් වරම් ඇති සිම්බාබ්වේ ටෙස්ට් වරම් නැති අයර්ලන්තයට පරදී

ටෙස්ට් වරම් ඇති සිම්බාබ්වේ ටෙස්ට් වරම් නැති අයර්ලන්තයට පරදී

කර්තෘ Chathuranga Rajapaksha

07 Mar, 2015 | 7:31 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම අද සමත් විය.

ටෙස්ට් වරම් නොමැති අයර්ලන්ත කණ්ඩායම විසින් ටෙස්ට් වරම් හිමි සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කිරීම මෙම තරගයේ විශේෂත්වයක් ලෙස හැඳින්විය හැකිය.

මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම දක්ෂතාවලට අනුව ලකුණු 657ක් සහ කඩුලු 18ක් බිඳ වැටුණි.

හොබාර්ට්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට ලකුණු 331ක් ලබා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

නමුත් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 326ක්
පමණි.

අයර්ලන්තය වෙනුවෙන් එඩ් ජොයිස් ලකුණු 112ක් ලබා ගත්තේය.

ඇන්ඩ් බැල්ඩිරින් ශතකයට ලකුණු 3ක් තිබියදී දුවද්දී දැවියාමකට හසුවිය.

ඔහු පන්දු 79කදී ලකුණු 97ක් ලබා ගත්තේය.

ටෙන්ඩි චැට්රා සහ සීන් විලියම්ස් අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රේන්ඩන් ටේලර් ලකුණු 121ක් ලබා ගත් අතර සීන් විලියම්ස් ලකුණු 96ක් ලබා ගැනීමට සමත් විය.

ඇලෙක්ස් කුසෑක් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තේය.