හෂීම් අම්ලාගෙන් ‘පට්ට’ වැඩක්

හෂීම් අම්ලාගෙන් ‘පට්ට’ වැඩක්

හෂීම් අම්ලාගෙන් ‘පට්ට’ වැඩක්

කර්තෘ Kumudu Jayawardana

03 Mar, 2015 | 1:10 pm

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක හෂීම් අම්ලා අද නව වාර්තාවක් පිහිටුවීය.

ඒ, ලෝක කුසලාන තරගාවලියේ අද අයර්ලන්තය සමග පැවති තරගයේදී ය.

ඒ අනුව, අඩු ම එක්දින තරග සංඛ්‍යාවකදී ශතක 20ක් රැස් කළ පිතිකරුවා බවට හෂීම් අම්ලා අද පත් විය.

ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ, එක්දින තරග 108කට සහභාගි වෙමිනි.

සිය 108 වන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ හෂීම් අම්ලා එහිදී පන්දු 128කදී ලකුණු 159ක් රැස් කළේ ය.

මේ වන විට ඔහුගේ එක්දින ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 57.05ක් වන අතර ලකුණු රැස් කිරීමේ වේගය 89.59කි.

අඩු ම එක්දින තරග සංඛ්‍යාවකදී ශතක 20ක් රැස් කළ පිතිකරුවන් 5 දෙනා පහත දැක්වේ.

1. හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව – තරග 108)
2. විරාට් කෝලි (ඉන්දියාව – තරග 133)
3. ඒබී ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව – තරග 175)
4. සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව – තරග 197)
5. සව්රව් ගංගුලි (ඉන්දියාව – තරග 214)

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]