හෘද රෝග සැත්කමකට යැයි පවසමින් වංචනිකව මුදල් එකතු කළ දෙදෙනෙකු අත්අඩංගුවට

හෘද රෝග සැත්කමකට යැයි පවසමින් වංචනිකව මුදල් එකතු කළ දෙදෙනෙකු අත්අඩංගුවට

හෘද රෝග සැත්කමකට යැයි පවසමින් වංචනිකව මුදල් එකතු කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

02 Mar, 2015 | 1:37 pm

හෘද රෝග සැත්කමකට යැයි පවසමින් ව්‍යාජ ලේඛන සකසා මුදල් එක් රැස් කළ සැකකරුවන් දෙදෙනෙකු මාතලේ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මොවුන් සකසන ලද ව්‍යාජ වෛද්‍ය වාර්තා, ව්‍යාජ නම් ගම් ඇතුළත් ලේඛන හා මුදල් එක් රැස් කිරීමේ ටිකට් පත් 24000කට අධික සංඛ්‍යාවක් ද සොයා ගත් බව ය.

සැකකරුවන් මාතලේ, අළුවිහාරේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ත් 48ත් අතර වයසේ පසුවන්නන් ය.

ඔවුන් අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]