JUST IN: හිටපු ජනපති සමයේ අසාධාරණයට ලක් වූ මේජර් ජනරාල්වරයෙකු ඇතුළු හමුදාවේ 10කට සාධාරණය ඉටු වෙයි

JUST IN: හිටපු ජනපති සමයේ අසාධාරණයට ලක් වූ මේජර් ජනරාල්වරයෙකු ඇතුළු හමුදාවේ 10කට සාධාරණය ඉටු වෙයි

JUST IN: හිටපු ජනපති සමයේ අසාධාරණයට ලක් වූ මේජර් ජනරාල්වරයෙකු ඇතුළු හමුදාවේ 10කට සාධාරණය ඉටු වෙයි

කර්තෘ Sagarika Chathumali

14 Feb, 2015 | 10:35 am

2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ඇති වූ තත්ත්වයන් මත අනිවාර්ය නිවාඩු යැවූ යුද හමුදා මේජර් ජනරාල්වරයෙකු ඇතුළු නිලධාරීන් 10 දෙනෙකු යළි සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ. 

ඒ පිළිබඳව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා හරහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාට ඊයේ දැනුම් දුන් බව වැඩලබන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ ය.

මෙම පත්වීම් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි බල පැවැත්වෙන බව වැඩබලන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, අදාළ නිලධාරීන්ට ලබන සඳුදා යුද හමුදාපතිවරයා හමුවන ලෙසට දැනුම් දී ඇති බව ය.

යළි සේවයේ පිහිටුවීමට නියමවූවන් අතර මේජර් ජනරාල් එන්.යූ.එම්.එම්.වී. සේනානායක මහතා ද වේ.

බ්‍රිගේඩියර්වරුන් වන පී.බී.ඩී. ඩයස්, ඩී.සී. කැප්පෙටිවලාන, ජේ.ජේ. මොහොට්ටි, යූ.ඒ.ටී. හැන්නදිගේ සහ කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම යන මහත්වරුන් ද යළි සේවයේ පිහිටුවනු ලබති.

එමෙන් ම කර්නල් ඩී.පී.එම්.ටී. උභයවර්ධන සහ ලුතිනන් කර්නල් එල්.ජේ.එම්.සී.පී. ජයසුන්දර යන මහත්වරුන් ද මේ සඳහා ඇතුළත් ය.

වැඩබලන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, කපිතාන් ආර්.එම්.ආර්. රණවීර සහ කපිතාන් ඩබ්ලිව්.ඒ.ඩී.සී. ක්‍රිෂාන්ත යන අය ද යළි සේවයේ පිහිටුවීමට නියම කර ඇති බව ය.