Bestweb 2018
Bestweb 2018

කේ.පී.ගේ නැටුම් ඉවරයි!

කේ.පී.ගේ නැටුම් ඉවරයි!

By Kumudu Jayawardana

05 Feb, 2015 | 12:02 pm

කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ට රට හැර යාම තහනම් කරමින් අභියාචනය අද නියෝගයක් නිකුත් කළේ ය.

ඒ, කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන් හමුවේ පෙත්සම අද සලකා බැලිණි.

විජිත හේරත් මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුණේ, ජාත්‍යන්තරය සමග සම්බන්ධ වී එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ ඇතුළු විවිධ පහසුකම් සැපයූ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් ප්‍රභාකරන්ගෙන් පසුව එල්.ටී.ටී.ඊ.ය යළ පණ ගැන්වීමට උත්සහ කරමින් සිටින බව ය.