Bestweb 2018
Bestweb 2018

67 වන නිදහස් සැමරුම වෙනුවෙන් අධිෂ්ඨාන පහන් පූජාවක් (VIDEO)

67 වන නිදහස් සැමරුම වෙනුවෙන් අධිෂ්ඨාන පහන් පූජාවක් (VIDEO)

By Sakila Udayakumara

05 Feb, 2015 | 3:10 pm

67 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සංවිධාන කළ අධිෂ්ඨාන පහන් පූජාවක් ඊයේ බත්තරමුල්ලේදී පැවත්විණි.

මහජන නියෝජිතයින්ට හා ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මෙම අධිෂ්ඨාන පහන් පූජාවේ අරමුණ ය.

බත්තරමුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානය පරිශ්‍රයේ දියවන්නා ඔය අසළ පැවති මෙම පූජාව ආරම්භ වුණේ, ඊයේ පස්වරු 9.32ට යෙදුණු සුබ මොහොතිනි.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මෙම අධිෂ්ඨාන පහන් පූජාව සංවිධාන කෙරිණි.

මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.