පෝර්ට් සිටි ඉදි කිරිමේ කටයුතු අඛණ්ඩව – ඇමති රාජිත සේනාරත්න කියයි (VIDEO)

පෝර්ට් සිටි ඉදි කිරිමේ කටයුතු අඛණ්ඩව – ඇමති රාජිත සේනාරත්න කියයි (VIDEO)

By Chathuranga Rajapaksha

Feb 05, 2015 | 8:57 pm

කොළඹ වරාය නගරය (Port City) ඉදි කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද සඳහන් කළේය.

ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

[youtube url=”https://www.youtube.com/watch?v=jhuwy__Ti-M” width=”560″ height=”315″]

ජාතික ඖෂධ පනත් කෙටුම්පතට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ අතර කොළඹ වරාය නගරය ඉදිකිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිසංධානය පිළිබඳ විශේෂ කාර්ය සාධක බලකාය සම්බන්ධ යෝජනාවලියට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ එය සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බව
ය.

මේ අතර දිවයින පුරා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ස්ථාන මාරු කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.