අකාලයේ මිලින වූ අඟුරුවාතොට දැරියගේ දේහය දෙමව්පියන්ට භාර දෙයි (VIDEO)

අකාලයේ මිලින වූ අඟුරුවාතොට දැරියගේ දේහය දෙමව්පියන්ට භාර දෙයි (VIDEO)

By Sakila Udayakumara

Feb 05, 2015 | 12:42 pm

කළු ගඟට වැටී මිය ගිය හොරණ, අඟුරුවාතොට දැරියගේ දේහය ඊයේ රාත්‍රියේ ඇගේ දෙමව්පියන් වෙත භාර දුන්නේ ය.

පෙරේදා දහවල් දැරියගේ මව ඇයට බත් කවමින් සිට අත සෝදා ගැනීම සඳහා මුළුතැන්ගෙයට ගිය අවස්ථාවේදී දැරිය අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිලි කර තිබිණි.

පසුව පොලීසිය දැරිය සොයා පරීක්ෂණ සිදු කළ අතර ඊයේ උදෑසන නාවික හමුදාව මැදිහත්ව දැරිය සොයා කළු ගඟේ මෙහෙයුමක් දියත් කළ අතර පෙරවරු 10.00 ට පමණ ඇගේ සිරුර හමු වූයේ නිවස අසළ සිට මීටර් 500 ක් පමණ ගං ඉවුරේ පහළින් පිහිටි රොඩු අතර සිර වී තිබියදී ය.

හොරණ මහෙස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා හොරණ මූලික රෝහලට යොමු කෙරිණි.

මහෙස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළේ, අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව දේහය දෙමාපියන්ට භාර දෙන ලෙස ය.

[youtube url=”https://www.youtube.com/watch?v=PM74bYUknuM&feature=youtu.be” width=”560″ height=”315″]

අඟුරුවාතොට දැරියගේ දේහය   කළු ගඟට වැටී මිය ගිය   දෙමව්පියන් වෙත භාර දුන්නේ ය   නාවික හමුදාව   ලෝචනී වීරසිංහ