ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 23, ක්‍රමවේදයේ වෙනසක් නැහැ – විභාග කොමසාරිස්

ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 23, ක්‍රමවේදයේ වෙනසක් නැහැ – විභාග කොමසාරිස්

ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 23, ක්‍රමවේදයේ වෙනසක් නැහැ – විභාග කොමසාරිස්

කර්තෘ Sagarika Chathumali

28 Feb, 2015 | 11:37 am

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 23 වන දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ, මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ද පැරණි ක්‍රමවේදයට ම පැවැත්වෙන බව ය.

විභාගයේදී එක් ප්‍රශ්නයක් පත්‍රයක් ලබා දීම වෙනුවෙන් මීට පෙර ජාතික අධ්‍යාපන කොමිසමෙන් යෝජනා වුව ද පසුව පැරණි ක්‍රමයට
පැවැත් විය යුතු බවට නිර්දේශ වූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමට ලබා දුන් කාලය අවසන් කර තිබේ.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු මස 6 වන දා දක්වා පැවැත්වෙන බව පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.

ඒ සඳහා ප්‍රායෝගික මණ්ඩල 1171ක් ක්‍රියාත්මක ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]