English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
28 Feb, 2015 | 8:18 am
රුසියාවේ ප්රමුඛ පෙළේ විපක්ෂ නායකයෙකු මෙන් ම හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු වූ බොරිස් නෙම්සෝව් මොස්කව් නුවරදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු ඔහුට වෙඩි තබා ඇති බව ය.
ඔහු මෙලෙස ඝාතනයට ලක් වූයේ, යුක්රේන යුද්ධයට එරෙහිව හෙට දිනයේ පැවැත්වීමට නියමිත පෙළපාළියක් සංවිධානය කරමින් සිටියදී ය.
මොහුගේ ඝාතනය රුසියානු ජානධිපති වැලැඩ්මීර් පුටින් හෙළා දැක තිබේ.
කෙසේ වෙතත් මෑතකදී රුසියානු මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී විපක්ෂ නායක බොරිස් නෙම්සෝව් පවසා තිබුණේ, යුක්රේන යුද්ධයට තමා විරෝධය පළ කිරීම හේතුවෙන් ජනපති පුටීන් තමාව ඝාතනය කරනු ඇතැයි, යන්න පිළිබඳව බියක් ඇති බව ය.
1990 දශකයේ ජනපති බොරිස් යෙල්සින්ගේ රජය සමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වූයේ, බොරිස් නෙම්සෝව් ය.
06 Feb, 2019 | 09:55 AM
28 Aug, 2018 | 01:55 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS