සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේදී කවි කියන ජනපති (VIDEO)

සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේදී කවි කියන ජනපති (VIDEO)

කර්තෘ Sakila Udayakumara

28 Feb, 2015 | 4:05 pm

රටක් ගොඩනැගෙන්නේ බටහිරින් එන දේ මත නොව සිය සංස්කෘතිය, අතීත උරුමය සහ දේශීයත්වය මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 83 වන සංවත්සරයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ය.

ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ, ලෝකයේ දියුණු රටවල් ගොඩනැගී ඇත්තේ තමන්ගේ භාෂාව, අනන්‍යතාවය සහ සංස්කෘතිය මත බව ය.

අපේ රටේ භාෂාව, සාහිත්‍ය, සංස්කෘතිය සහ කලා ශිල්ප ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම සියලු දෙනාගේ වගකීම බව ද ජනාධිපතිතුමා එහිදී පැවසී ය.