English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
28 Feb, 2015 | 12:38 pm
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවති තරගයෙන් නවසීලන්තය තියුණු ජයක් වාර්තා කළේ ය.
මෙම තරගයේ ජයග්‍රහණයක් සමග A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට නවසීලන්තය සමත් විය.
ඔක්ලන්ඩ් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
ඒ අනුව ඔස්ට්‍රේලියාව පන්දුවාර 32යි පන්දු දෙකකදී සියලු කඩුලු දැවී ලකුණු 151ක් රැස් කළේ ය.
අද තරගයේදී ඔස්ට්‍රේලියානු කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 50 සීමාව පසු කිරීමට නොහැකි විය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩි ම ලකුණු සංඛ්‍යාව බ්‍රැඩ් හැඩින් වාර්තා කළ අතර ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 43කි.
ඩේවිඩ් වෝනර් ලකුණු 34ක් ද ශේන් වොට්සන් ලකුණු 23ක් ද රැස් කළහ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 27කදී කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.
ඩැනියල් විටෝරි සහ ටිම් සවුතී අතර කඩුලු 2 බැගින් බෙදී ගිය අතර කොරේ ඇන්ඩර්සන් එක් කඩුල්ලක් බිඳ හෙළූහ.
ලකුණු 152 ක ඉලක්කයක් කරා හඹා ගිය නවසීලන්තයේ බ්‍රෙන්ඩම් මැකලම් ලකුණු 50 ක් රැස් කළේ ය.
කේන් විලියම්සන් නොදැවී ලකුණු 39ක් සහ කොරේ ඇන්ඩර්සන් ලකුණු 26ක් රැස් කළහ.
නවසීලන්තයට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක් ලකුණු 28කදී කඩුලු 6ක් ද පැට් කියුමින්ස් කඩුලු 2ක් ද ග්රෙන් මැක්ස්වෙල් එක් කඩුල්ලක් ද බිඳ හෙළූහ.
ඒ අනුව නවසීලන්තය ලකුණු 152ක ජයග්‍රාහී ඉලක්කය කරා යමින් තරගයේ ජය වාර්තා කළේ ය.
08 Feb, 2019 | 05:08 PM
10 Jan, 2019 | 07:58 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS