ජනපති මෛත්‍රී බ්‍රිතාන්‍ය සංචාරයකට සැරසෙයි

ජනපති මෛත්‍රී බ්‍රිතාන්‍ය සංචාරයකට සැරසෙයි

ජනපති මෛත්‍රී බ්‍රිතාන්‍ය සංචාරයකට සැරසෙයි

කර්තෘ Sagarika Chathumali

28 Feb, 2015 | 12:17 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 7 වන දා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා ලබන 7 වන දා සිට 11 වන දා දක්වා එම සංචාරයේ නිරත වීමට නියමිත බව ය.

පොදුරාජ්‍ය මණ්ඩල දිනයට සමාගාමීව පැවැත්වෙන උත්සවයකට සහභාගී වීම ජනාධිපතිවරයාගේ එම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

එම උත්සවය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ද සහභාගී වීමට නියමිතව ඇත.

මෙම සංචාරයේදී ජනාධිපතිතුමා බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජිණ සහ එඩිම්බරෝ ආදිපාදවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

දෙරටට බලපාන වැදගත් කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.