චීනය සමග සාකච්ඡා නොකර ලංකාවේ චීන ව්‍යාපෘති ගැන අවසන් තීරණ ගන්නේ නැහැ – මංගල සමරවීර

චීනය සමග සාකච්ඡා නොකර ලංකාවේ චීන ව්‍යාපෘති ගැන අවසන් තීරණ ගන්නේ නැහැ – මංගල සමරවීර

චීනය සමග සාකච්ඡා නොකර ලංකාවේ චීන ව්‍යාපෘති ගැන අවසන් තීරණ ගන්නේ නැහැ – මංගල සමරවීර

කර්තෘ Sakila Udayakumara

28 Feb, 2015 | 1:49 pm

චීනය සමග සාකච්ඡා නොකර දැනට සමාලෝචනය කරමින් ඇති චීන ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

රොයිටර් පුවත් සේවය සඳහන් කළේ, බෙයිජිං නුවරදී චීන විදේශ අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළ බව ය.

තම නව රජය චීන ආයෝජකයින් පිළිගන්නා බව ද මංගල සමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

ඔහු එහිදී පවසා ඇතිතේ, වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමා චීන බලධාරීන් සමග සෘජුව සාකච්ඡා නොකළ බව ය.

ශ්‍රී ලංකාව හැම විටම ආයෝජන පිළිගන්නා බව පැවසූ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව දැන් ආයෝජනයට වඩාත් සුදුසු ආරක්ෂිත ස්ථානයක් බව ය.

නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්තුවාදය,යහ පාලනය හා විනිවිදභාවය පදනම් කර ගත් ආයෝජනයට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීම තුළින් සියලු ආයෝජකයින්ට කටයුතු කළ හැකි තත්ත්වයක් උදා කිරීමට උත්සහ කරමින් සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

චීන විදේශ අමාත්‍ය වං යී මහතා මෙහිදී අවධාරණය කළේ, චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙකු වශයෙන් ක්‍රියා කරන බව ය.

ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනයට සහය දීම උදෙසා චීනය අඛණ්ඩව විශ්වාසදායී හවුල්කරුවෙකු වශයෙන් කටයුතු කරන බව ද එරට විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ ය.