එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ඉන්දියාවට පහසු ජයක්

එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ඉන්දියාවට පහසු ජයක්

එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ඉන්දියාවට පහසු ජයක්

කර්තෘ Sakila Udayakumara

28 Feb, 2015 | 4:44 pm

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර පැවති තරගයෙන් ඉන්දියාව කඩුලු 9ක පහසු ජයක් වාර්තා කළේ ය.

ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 31යි පන්දු 3කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 102කි.

ෂයිමන් අන්වාර් ලකුණු 35ක් රැස් කළ අතර එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ලකුණු අතරට පැමිණීමට ඉන්දීය පන්දු යවන්නන් අවකාශය ලබා නොදුන්නේ ය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 25කදී කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය.

උමේෂ් යාදෙව් හා රවීන්ද්‍ර ජඩේජා අතර කඩුලු 2 බැගින් බෙදී ගිය අතර බී. කුමාර් එක් කඩුල්ලක් බිඳ හෙළූහ.

ලකුණු 103ක ඉලක්කයක් කර හඹා ගිය ඉන්දියාව පන්දුවාර 18යි පන්දු 5කදී එක් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේ ය.

රෝහිත් ශර්මා නොදැවී ලකුණු 57ක් ද විරාජ් කෝලි නොදැවී ලකුණු 33ක් ද රැස් කළහ.

පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ මොහොමඩ් නවීඩ් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් විය.