ඇවන්ගාඩ් බලපෑමෙන් මුහුදු ආරක්ෂක සේවයේ විශාල පිරිසකට රැකියා අහිමි වුණා – අනුර කුමාර (VIDEO)

ඇවන්ගාඩ් බලපෑමෙන් මුහුදු ආරක්ෂක සේවයේ විශාල පිරිසකට රැකියා අහිමි වුණා – අනුර කුමාර (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

28 Feb, 2015 | 10:00 pm

ඇවන්ගාඩ් හා රක්නා ලංකා සමාගම්වලට ඒකාධිකාරයක් ලබාදීම හේතුවෙන් මුහුදු ආරක්ෂක සේවයේ විශාල පිරිසකට රැකියා අහිමි
වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පසුගිය ජනවාරි 19 වන දා ගාලු වරායේ නැංගුරම්ලා තිබූ නැවක් සම්බන්ධයෙන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු
තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමකින් පසුව ඇවන්ගාඩ් ආයතනය හා බැඳුණු සිද්ධීන් කරළියට පැමිණියේය.