අරලිගයහ මන්දිරය තාප්පයේ මල්පෝච්චි 45,000ක් ඉවත් කෙරේ (VIDEO)

අරලිගයහ මන්දිරය තාප්පයේ මල්පෝච්චි 45,000ක් ඉවත් කෙරේ (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

28 Feb, 2015 | 5:33 pm

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව රුපියල් ලක්ෂ 30ක වියදමින් අරලිගහ මන්දිරය ඉදිරිපිට සකස් කළ මල්
සැරසිල්ල අද ඉවත් කෙරිණ.

අරලියගහ මන්දිරයේ ඉදිරිපස තාප්පය ආවරණය වන සේ සකස් කළ වානේ සැකිල්ලක මල් පෝච්චි 45,000ක් රඳවා තිබුණි.

සාමාන්‍යයෙන් මාසයකට මල් පැළ 3,000ක් මිය යන බැවින් නව මල් පැළ එක්කිරීමට සිදු වේ.

පසුගියදා මේ මල් පැළ පරීක්ෂා කළ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත්තේ මල් බඳුන්වල පස් ඉවත් කර
අලුතින් පස් එක්කරන ලෙස ය.‍

එසේ නොවුණහොත් මෙම පැළ මැරී යා හැකි බවත් ඔහු දැනුම් දී තිබේ.

දැනටමත් මෙහි නඩත්තුව සඳහා විශාල මුදලක් වැය කර ඇති බැවින් තව දුරට ත් මහජන මුදල් නාස්ති කිරීමට වෙනුවට මෙම මල්පැල ගම්පහ උද්භිත උද්‍යානයට භාර දීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.