උතුරේ හමුදා නිලධාරීන් ඉවත් කරන්නේ නැහැ – යුද්ධ හමුදාපති කියයි (VIDEO)

උතුරේ හමුදා නිලධාරීන් ඉවත් කරන්නේ නැහැ – යුද්ධ හමුදාපති කියයි (VIDEO)

කර්තෘ Staff writer

27 Feb, 2015 | 9:52 pm

උතුරු නැගෙනහිර පළාත්හී සේවයේ යෙදෙන හමුදා නිලධාරීන් ඉවත් නොකරන බව යුද්ධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පවසයි.

අද පෙරවරුවේ ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු ලබා දෙමින් ඔහු එලෙස අදහස් දැක්විය.

යුද්ධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද මහනුවර සංචාරයක නිරත විය.

අනතුරුව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්හ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]