ඇප ලබාගත් විමල්ගේ බිරිඳ අධිකරණ භූමියෙන් පිටව ගිය අයුරු (VIDEO)

ඇප ලබාගත් විමල්ගේ බිරිඳ අධිකරණ භූමියෙන් පිටව ගිය අයුරු (VIDEO)

කර්තෘ Staff writer

27 Feb, 2015 | 9:48 pm

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට අද දැඩි කොන්දේසි මත අධිකරණයෙන් ඇප ලැබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේ, මුදලින් රුපියල් පහලොස් දහසක ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇයව නිදහස් කරන ලෙස ය.

ශෂී වීරවංශ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය 22 වන දින අත්අඩංගුවට ගනු ලැබුවේ උප්පැන්න සහතිකය හා විදෙස් ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කිරීමේ චෝදනාව මත ය.

ඉන් අනතුරුව පසුගිය 24 වන දා ඇය පෞද්ගලික රෝහලේ සිට බන්ධනාගාරය වෙත රැගෙන ගියාය.

පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ඉන්දික හේරත් මහතා අද මහේස්ත්‍රාත් වරයා හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ, 1967 පෙබරවාරි පළමු වන දින සහ 1971 පෙබරවාරි 03 වන දින යන උපන් දිනයන්වලට හැදුනුම්පත් දෙකක් ලබාගෙන ඇති බව ය.

ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් නොකරන ලෙසත් සෑම මසකම අවසන් සිකුරාදා දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලේකඛාධිකාරීවරයා වෙත උදෑසන 9 ත් දහවල් 12 ත් අතර කාලය තුළ වාර්තා කරන ලෙස ය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව හා ඇප ලබා නිදහස්ව යන විට අධිකරණය අසළ රැස්වීම් පැවැත්වීම නොකළ යුතු බවට ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]