කෝටි ගණන් සල්ලි හම්බ කළ සජින් වාස් ගැන රජය නිහඬ ඇයි? (WATCH REPORT)

කෝටි ගණන් සල්ලි හම්බ කළ සජින් වාස් ගැන රජය නිහඬ ඇයි? (WATCH REPORT)

කර්තෘ Kumudu Jayawardana

25 Feb, 2015 | 12:57 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන්
ආයතන කිහිපයකට කර ඇති පැමිණිලි විභාගය කඩිනම් කර නීතිමය
ක්‍රියාමාර්ග ගත යුතු බව දූෂණ විරෝධී හඬ අවධාරණය කරයි.

එම සංවිධානය පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ
සමීපතමයෙකු වූ සජින් ද වාස් ගුණවර්ධන මහතා කළ බව කියන වංචා
දූෂණ පිළිබඳව මෙම පැමිණිලිවල පැහැදිලිව පෙන්වා දී ඇති බව ය.

පසුගිය රජය සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන
විධායක නිලධාරියා ලෙස පත් කළ සජින් ද වාස් ගුණවර්ධන මහතා
2008 වසරේ ඉන් ඉවත් වූයේ, ආයතනය අධික පාඩු ලබන තත්ත්වයකට
පත්වීම ත් සමග ය.

මිහින් ලංකා ආයතනයෙන් ඉවත් වීම ත් සමග 2009දී සජින් ද වාස්
ගුණවර්ධන මහතා ඔහුට අයත් පෞද්ගලික ගුවන් සමාගමක් ආරම්භ කර
තිබේ.

මෙම ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට අනුව අභ්‍යන්තර ගුවන් ගමන්
සඳහා Bell 412, Robinson 66 හා Robinson 44 වර්ගයේ
හෙලිකොප්ටර් යානා 3ක් ඔවුන් සතු ය.

මීට අමතරව, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හා තවත් සැහැල්ලු ගුවන්
යානා කිහිපයක් ද මේ වන විට ඔවුන් සතුව තිබේ.

ගුවන් යානා පුහුණු පාසලක් ද සජින් ද වාස් ගුණවර්ධන මහතාට අයත්
මෙම ගුවන් සමාගම සතු ය.

දූෂණ විරෝධී හඬ පසුගිය දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
කොමිසමට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ, මෙම ගුවන් සමාගම
සිවිල් ගුවන් මෙහෙයුම්වලට අදාළව රජයට කිසිදු ගෙවීමක් කර නොමැති
බව ය.

මසකට රුපියල් 415000 බැගින් සමාගම ආරම්භයේ සිට රජයට ගෙවිය
යුතුව ඇතැයි එම සංවිධානය අනාවරණය කළේ ය.

(වසන්ත සමරසිංහ – කැඳවුම්කරු
දූෂණ විරෝධි හඬ සංවිධානය)

– අපි අද අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව ඉස්සරහට ආවේ මේ රටේ
තවත් කම්බ හොරෙක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාර දීලා
යන්න.++ගුවන් සමාගමක් ස්ථාපනය කරලා 2009 සිට හෙලිකොප්ටර්
අරගෙන ගුවන් යානා අරගෙන අද කෝටිපතියෙක් බවට පත්වෙලා
තියෙනවා. 2009ට කලින් අපේ රටේ ම පෞද්ගලික භාණ්ඩ එහා මෙහා
කරන විදේශයේ ඉඳන් භාණ්ඩ ගෙන්වන සමාගමක ගබඩා පාලකයෙක්
වෙලා හිටිය කෙනෙක්. ඒනිසා ඔහු මේ කෙටි කාලයක් තුළ මේ කෝටි
ගණන් ධනය කොහොම ද රැස් කළේ?. ඒ රැස් කළ ධනය කොහෙන් ද
ඔහු උපයා ගත්ත මාර්ග. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට මේ සජින්
වාස් ගුණවර්ධන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා++ඇමෙරිකාවේ
ටෙක්සාස්වලින් ගුවන් යානා 6ක් මිලදී ගැනීමට ලංකා බැංකුවෙන් සල්ලි
යවලා තියෙනවා. ++ ඒ විතරක් නෙවෙයි අපේ රටේ අහිංසක
ළමයින්ගෙන් 120ක් මේ රටේ අම්මා තාත්තාගේ දරුවන්ගෙන් ලක්ෂ 13
හමාර ගානේ සල්ලි අරන් තියෙනවා ප්‍රයිවට් ෆයිලට් ලයිසන් දෙනවා
කියලා. ++ එතන බරපතළ වංචාවක් කරලා අද ඔවුන්ට සල්ලි ත් නැ.
ලයිසනුත් නැ++වහා ම පරීක්ෂණ පවත්වන්න.

මේ අතර, සිවිල් ගුවන් සේවා හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මේ
සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනිමින් අදාළ ගුවන් සමාගමේ මෙහෙයුම්
තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේ ය.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, මේ වන විට සතියක
කාලයක් සඳහා අදාළ ගුවන් සමාගමට මෙහෙයුම් අවසරය දී ඇති බව ය.

පසුගිය දා සටන දේශපාලන වැඩසටහනේදී ද මේ පිළිබඳව වරාය හා
නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් මාධ්‍යවේදීහු
විමසීමක් කළහ.
(2015-02-22/සටන)
ජේ.ශ්‍රී. රංගා

– සජින් වාස් ගුණවර්ධන චොපර් එකට සල්ලි ගෙවලා තියෙනවා. අතින්.
ඔබ තුමන්ලාගේ රජය ආවාට පස්සේ ඔබතුමා භාර ගත්තාට පස්සේ
ටෙන් මිලියන් විතර ෆි‍ෆ්ටීන් මිලියන් විතර ගෙවලා තියෙනවා. එතකොට
ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් මේක ඉන්ලන්ඩ් රෙවනිව් හරි
අහන්නෑ මේ සල්ලි කොහෙන් ද එන්නේ කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී
ෆිෆ්ටි ‍ෆෝ තව්සන්ඩ් පඩි ගන්න මිනිහාට ලාස්ට් වීක් ඇවිල්ලා ගෙව්වා
ටෙන් මිලියන්. මේකේ තේරුම මොකද්ද?-

(අමාත්‍ය අර්ජුන රණතුංග)

– රංගා මන්ත්‍රීතුමා මම ඕක තේරුම් කරලා දෙන්නම්. මම මේ ගුවන්
අමාත්‍යාංශය ගන්න කොට ඒ සඳහා ‍සජින් වාස් මන්ත්‍රීතුමා ගෙනල්ලා
මිලියන 19ක චෙක්පතක් දීලා තියෙනවා. තව ත් මිලියන එකක
චෙක්පතක් දීලා තියෙනවා. අපිට ගෙවන්න තියෙනවා මිලියන 27ක
මුදලක්. එතකොට අපිට ඒ මුදල අපි භාරගත්තේ….ඒ චෙක් එක අපි
දැම්මේ නැත්නම් අපි පස්සේ මම ගිහිල්ලා ඒ චෙක් එක අපි බැංකුවට
දාලා ඒක දැන් චෙක් එක අපි දැන් ඒ මුදල් ලබාගත්තා.

රංගා –
– මිලියන කීය ද?

අර්ජුන –
– එතකොට මුලු මිලියන 20ක විතර මුදලක් තියෙනවා.

රංගා –
– එතුමා දුන්නා චෙක් එක?

අර්ජුන –
– ඔව් අපි ළඟ තියෙනවා චෙක් එක. එතකොට දැන් අපිට තියෙනවා මේ
හරහා අවශ්‍ය ආයතනවලට මේවා භාරදෙන්න. මට ගිහිල්ලා සජින් වාස්
මන්ත්‍රීතුමාව හිරගෙදර දාන්න බෑ…

රංගා –
– නෑ දාන්න එපා. නමුත් ඔබලා පියවරක් ගන්නේ නෑනේ. කොහෙන් ද
මේ සල්ලි ආවේ කියලා. ඔක්කොමලා කියනවා අපි ගුඩ් ගවනර් ඒ නිසා
අපි නිකන් ඉන්නවා නීතිය හරියට වෙන්න ඕන ඉතිං ‍ඕක තමයි ඉස්සර
රජය ත් කිව්වේ.

මේ අතර, දේශීය ආදායම් කොමාසාරිස් ජනරාල්වරිය පවසන්නේ, සජින්
ද වාස් ගුණවර්ධන මහතාගෙන් ආදායම් බදු අයකර ගැනීමට අවශ්‍ය මූලික
පියවර ගෙන ඇති බව ය.

(වසන්ති මංචනායක – කොමසාරිස් ජෙනරාල්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව)

– මිලියන 20ක් ඔය ගෙව්වැයි කිව්වට අපිට වෙන තොරතුරු නෑනේ..
කාට ද.. කොහෙ ද.. මොකවත් විස්තර නෑ. අපි බලන්නේ ඒ ලිපි ගොනු
විගණනය කරනවා. දැන් අපි ඒ ඒ සමහර අපිට ෆයිල් නෑ කියලා අපිට
හොයාගන්න පුළුවන් වෙචච් අයට අපි ෆෝම් එකක් තියෙනවා. කිව් කිව්
ෆෝම් කියලා..++මේ කිව් කිව් ෆෝම් එක ඉෂූ කරලා.. + + පෙබරවාරි
13 ඇරලා තියෙන්නේ. අපි ලිස්ට් එකක් හදන් ඉන්නවා.. ඒ ටික
මොනිටර් කරනවා ඉතිං..+ උත්තර දෙන්න.. දැන් මේකේ තියෙන්නේ
දින + අපි දෙනවා මේ වර්ෂය සඳහා කියලා ඉල්ලන්නේ.. එතෙන්දි අපි
දවස්.. කොහොමත් දවස් 14ක් දෙනවා. සාමාන්‍ය ලියුමකට උත්තර
දෙන්න දින 14ක් දෙනවනේ.+ එයා රෙස්පොන්ඩ් කරන ආකාරය අනුව.
රෙස්පොන්ඩ් නොකරොත් කරන්න දේවලුත් අපිට තියෙනවා. දඩ
පනවන්න පුළුවන්.. නඩු දාන්න පුළුවන්.. බැන්ක් සීස් කරන්න..
ගොඩාක් පියවරන් පනතේ දීලා තියෙන පියවරවලට යන්න පුළුවන්. රට
යාම තහනම් කරන්න පුළුවන්.-

මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළ
ඉල්ලීමක් අනුව මේ වන විට අධිකරණය සජින් ද වාස් ගුණවර්ධන
මන්ත්‍රීවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය අත්හිටුවා තිබේ.

(වසන්ත සමරසිංහ –
දූෂණ විරෝධී හඬ)

– රජයේ සේවකයෙක් රුපියල් විසි පන්දහසකට වැඩි වංචාවකට
සම්බන්ධ වුණොත් ඔහු මාස 6ක් හිරේ යවනවා. හැබැයි මොහුට
කොහොමද සිද්ධ වෙන්නේ? + රජයේ බැංකුවලින් මොවුන්ට මිලියන
400, 500 ණය දෙන්න ඔහුගෙන් මොනව ද අරන් තියෙන ආරක්ෂණ
තැන්පතු? + මේ බැංකුවල මේ ණය අනුමත කරපු පුද්ගලයන් අද ත්
බැංකුවල ඉන්නවා. ඔවුන් අදාළව ගත්ත නිතිමය ක්‍රියාමාර්ග කෝ? +
++ඔහු මිහින් ලංකා එකෙන් අයින් වෙලා ගිහිල්ලා ආපහු ගුවන්
සමාගමක් පටන් ගන්නවා. කොහොන් ද ඔහුට සල්ලි? එනිසා මේවා
සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු ‍හොයලා
හොරු හිරේට ගන්න හදද්දි හොරුන්ට හිරේ යාම වළක්වන්න මේ
ආණ්ඩුව කටයුතු කරනවා නම් අපි හෙට දවසේ ඔවුන් පිළිබඳව මේ ර‍ටේ
ජනතාවට තොරතුරු කියන්න කරුණු කියන්න කටයුතු කරනවා.-

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]