සෞදියේ මරණ දඬුවමට නියම වූ ලාංකිකයන්ට නිදහස ලබා ගැනීමේ සාකච්ඡා 27 දක්වා කල් යයි

සෞදියේ මරණ දඬුවමට නියම වූ ලාංකිකයන්ට නිදහස ලබා ගැනීමේ සාකච්ඡා 27 දක්වා කල් යයි

සෞදියේ මරණ දඬුවමට නියම වූ ලාංකිකයන්ට නිදහස ලබා ගැනීමේ සාකච්ඡා 27 දක්වා කල් යයි

කර්තෘ Sakila Udayakumara

24 Feb, 2015 | 10:50 am

සෞදි අරාබියේදී මරණ දඬුවමට නියමව සිටින ශ්‍රී ලාංකිකයින් තිදෙනාට නිදහස ලබා ගැනීම සඳහා වන සාකච්ඡා ලබන 27 වන දින දක්වා කල් දමා තිබේ.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පැවසුවේ, ඒ පිළිබඳව සෞදි බලධාරීන් මෙරටට දැනුම් දී ඇති බව ය.

ඒ අනුව අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස අමාත්‍ය රවුෆ් හකීම් මහතා ලබන 27 වන දා සෞදි අරාබියට යාමට නියමිත ය.

මීට පෙර අදාළ සාකච්ඡා යොදා තිබුණේ ඊයේ දින පැවැත්වීමට ය.

කෙසේ වෙතත් රවුෆ් හකීම් මහතා ලබන 27 වන දා සෞදියේ ඔටුන්න හිමි කුමරු සමග මේ පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති.

එහි ප්‍රතිඵලය නිකුත් වන තෙක් අදාළ ශ්‍රී ලාංකිකයින් තිදෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක නොකරණු ඇතැයි අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය විශ්වාස පළ කළා ය.

2007 වසරේදී යේමන් ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට සෞදි අධිකරණයකින් මරණ දඬුවම නියම කෙරුණු අතර එය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ද පසුගියදා යළි තහවුරු කළේ ය.

සොරකම් කිරීම හා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මොවුන් අධිකරණය හමුවේ වරදකරුවන් වී තිබේ.