සූරියවැව පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියේ 6 ක් අත්අඩංගුවට

සූරියවැව පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියේ 6 ක් අත්අඩංගුවට

සූරියවැව පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියේ 6 ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

24 Feb, 2015 | 11:09 am

සූරියවැව පොලිස් අත්අඩංගුවට ලක් වූ සැකකරුවකු පහර දීමකින් මිය ගිය බව කියන සිදුවීමට සැකපිට පොලිස් නිළධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද අලුයම 4.30 ට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බව ය.

සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරු 5 දෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අතර වන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

නීති විරෝධී මත්පැන් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සූරියවැව ප්‍රදේශයේ දී පසුගිය 19 වන දා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එදින රාත්‍රියේ ඔහුව සූරියවැව සහ හම්බන්තොට රෝහල්වලට ඇතුලු කර තිබුණේ රෝගී වීම හේතුවෙනි.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පෙරේදා පස්වරුවේ මිය ගොස් තිබුණේ හම්බන්තොට රෝහලේදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]