විමල්ගේ බිරිඳ මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලෙන් පිටතට රැගෙන යයි (VIDEO)

විමල්ගේ බිරිඳ මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලෙන් පිටතට රැගෙන යයි (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

24 Feb, 2015 | 10:41 pm

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට මාරුකරන ලෙස අධිකරණය අද නියෝග කළේය.

ශෂී වීරවංශ මහත්මිය අද පස්වරුවේ මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලෙන් පිටතට රැගෙන ගියේය.

අද පැවැති ප්‍රවෘත්ති සාකචඡාවේදී  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශෂී වීරවංශ මහත්මියගෙන් පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් බව ය.

අදාළ ස්ථානය වෙත පැමිණි මහේස්ත්‍රාත්වරයා ශෂී වීරවංශ මහත්මිය හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.

හෙට ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.​