වකුගඩු රෝගය තුරන් කිරීමට පියවර ගන්නවා – ජනපති මෛත්‍රීපාල සිරිසේන (VIDEO)

වකුගඩු රෝගය තුරන් කිරීමට පියවර ගන්නවා – ජනපති මෛත්‍රීපාල සිරිසේන (VIDEO)

කර්තෘ Sakila Udayakumara

24 Feb, 2015 | 9:50 am

වකුගඩු රෝගය සමාජයෙන් තුරන් කිරීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ, වකුගඩු රෝගයේ පසුබිම තේරුම්ගත් රජය රට තුළට එන කෘෂි රසායන නිසි ප්‍රමිතියෙන් යුතුව පමණක් ගෙන්වීමට කටයුතු කරන බව ය.

දින 100 වැඩපිළිවෙළට සමගාමීව “වකුගඩු රෝගයේ හේතුකාරක පිටුදැකීම” මැයෙන් ඊයේ පස්වරුවේ පදවිය මහසෙන් විදුහලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ය.