පසුගිය දිනක ලෝකාන්තයෙන් ඇද වැටුණු විදේශිකයා බේරා ගත් සුදේශ් සොයා Newsfirst කළ සංචාරය (VIDEO)

පසුගිය දිනක ලෝකාන්තයෙන් ඇද වැටුණු විදේශිකයා බේරා ගත් සුදේශ් සොයා Newsfirst කළ සංචාරය (VIDEO)

කර්තෘ Staff writer

24 Feb, 2015 | 1:39 pm

පසුගිය දිනක ලෝකාන්තයෙන් ඇද වැටුණු විදේශිකයා බේරා ගත් සුදේශ් ගේ නිවස සොයා නිවුස් ෆස්ට් බිබිල ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

බිබිල, මහියංගණය පාරේ වෑගම කණුව ප්‍රදේශයේ පදිංචි කෝප්‍රල් සුදේශ් ලලින්ද මහතා සේවය කරනු ලබන්නේ නුවරඑළියේ තුන්වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරේ ය.

බිබිල, වෑගම කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කෝප්‍රල් සුදේශ් ලලින්ද මහතා 1998 වසරේදී යුද්ධ හමුදාව ට එක්වී ඇත.

දරු දෙදෙනෙකුගේ පියෙකු වන ඔහුගේ අවුරුදු 06 ක් වයසැති වැඩිමහල් දරුවා ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු කළ ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ මව දැක්වූයේ මෙවන් අදහසකි.