බද්ධ නිවුන් දරුවන් දෙදෙනෙකුට ජීවිත දෙකක් ලබා දීමට පැය 26 ක දීර්ඝ සැත්කමක් (VIDEO & PHOTOS)

බද්ධ නිවුන් දරුවන් දෙදෙනෙකුට ජීවිත දෙකක් ලබා දීමට පැය 26 ක දීර්ඝ සැත්කමක් (VIDEO & PHOTOS)

කර්තෘ Staff writer

24 Feb, 2015 | 12:14 pm

පපු ප්‍රදේශයෙන් හා උදරයෙන් බද්ධ වූ නිවුන් දරුවන් දෙදෙනෙකු වෙන් කිරිමේ සැත්කමක් ටෙක්සාස්හි ළමා රෝහලේ දී සාර්ථක වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම දැරියන් දෙදෙනාට අක්මාව, පෙනහැල්ල, බඩවැල් සහ ප්‍රධාන ඉන්ද්‍රීයයන් එකක් ලෙස පිහිටා තිබී ඇති අතර පැය 26 ක දීර්ඝ සැත්කමකින් අනතුරුව එම දැරියන් දෙදෙනාට වෙන වෙන ම ජීවිත දෙකක් ලබා දීමට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ට හැකියාව ලැබිණි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මෙම ගැහැණු දරුවන් දෙදෙනා ඉපදී ඇති අතර මොවුන් ඉපදීමට පෙර මව් කුසයේදී ම එලෙස බද්ධ වී ඇති බව දැරියන් දෙදෙනාගේ දෙමව්පියෝ පවසති.

ලෝකයේ ප්‍රථම වතාවට නිවුන් දරුවන් වෙන් කිරීමේ සැත්කමක් සාර්ථකව නිම වූ අවස්ථාව ද මෙය වේ.

[image_sliders]
[image_slider link=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/260105F500000578-2965426-image-a-91_1424706954746.jpg” source=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/260105F500000578-2965426-image-a-91_1424706954746.jpg”]  [/image_slider]
[image_slider link=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/2600EF1E00000578-2965426-image-a-93_1424706954947.jpg” source=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/2600EF1E00000578-2965426-image-a-93_1424706954947.jpg”]  [/image_slider]
[image_slider link=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/2601000900000578-2965426-image-a-87_1424706954688-1.jpg” source=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/2601000900000578-2965426-image-a-87_1424706954688-1.jpg”]  [/image_slider]

[image_slider link=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/2601032F00000578-2965426-image-a-94_1424707196228.jpg” source=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/2601032F00000578-2965426-image-a-94_1424707196228.jpg”]  [/image_slider][image_slider link=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/260100DC00000578-2965426-image-a-98_1424707210907.jpg” source=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/260100DC00000578-2965426-image-a-98_1424707210907.jpg”]  [/image_slider][image_slider link=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/260103DA00000578-2965426-image-a-109_1424707305773.jpg” source=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/260103DA00000578-2965426-image-a-109_1424707305773.jpg”] [/image_slider]

[/image_sliders]