කොදෙව්වන්ට ලකුණු 73ක ජයක්

කොදෙව්වන්ට ලකුණු 73ක ජයක්

කොදෙව්වන්ට ලකුණු 73ක ජයක්

කර්තෘ Sakila Udayakumara

24 Feb, 2015 | 5:12 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 73ක පහසු ජයක් හිමිවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 372ක් රැස් කළේ ය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට වර්ෂාව හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 48කදී ලකුණු 363ක ඉලක්කයක් හඹා යෑමට සිදු විය.

නමුත් කොදෙව්වන්ගේ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ ඉනිම පන්දුවාර 44යි පන්දු 3කදී ලකුණු 289කට සීමා විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් සහ සහ මාලන් සැමුවෙල්ස්, එක්දින ජාත්‍යන්තර තරගයකදී ඕනෑම කඩුල්ලක් සඳහා ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු යුගලය ලෙස අද වාර්තා අතරට එක්විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් – සිම්බාබ්වේ කණ්ඩායම් අතර ‘බී’ කාණ්ඩයේ තරගය කැන්බරාහිදී අද පැවැත්විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල බිඳ වැටෙන විට ඔවුන් කිසිඳු ලකුණක් ලබා නොසිටියේය.

අනතුරුව ක්‍රිස් ගේල් සමග එක් වූ මාලන් සැමුවෙල්ස් දෙවැනි කඩුල්ලට ලකුණු 372ක වාර්තාගත සබඳතාවක් ගොඩනැඟුවේය.

ක්‍රිස් ගේල් පන්දු 147කින් ලකුණු 215ක් රැස් කළේ, ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පිතිකරුවෙකු රැස් කළ පළමු ද්විත්ව ශතකය සඳහා වන වාර්තාව ද තමන් සතු කර ගනිමින් ය.

හයේ පහර 16ක්  සහ 4 පහර 10ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

එය, එක්දින තරගයකදී ක්‍රීඩකයෙකු වාර්තා කළ වැඩිම 6 පහර සංඛ්‍යාව සම කිරීමක් ද වේ.

මාලන් සැමුවෙල්ස් 8  වැනි එක්දින ශතකය වාර්තා කරමින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 133කි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2කට ලකුණු 372ක් රැස් කළේය.

පන්දුවාර 44යි පන්දු 3කදී සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 289කට දැවී ගියේය.

ශෝන් විලියම්ස් ලකුණු 76ක් රැස් කළ අතර, ක්‍රෙයිග් අර්වින් ලකුණු 52යි.‍

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]