ක්‍රිස් ගේල්ගේ 200 සහ ටෙන්ඩුල්කාර්ගේ 200 අතර පුදුම සම්බන්ධයක් (VIDEO)

ක්‍රිස් ගේල්ගේ 200 සහ ටෙන්ඩුල්කාර්ගේ 200 අතර පුදුම සම්බන්ධයක් (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

24 Feb, 2015 | 2:44 pm

(SCROLL DOWN FOR VIDEOS)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද පැවති තරගයේදී ක්‍රිස් ගේල් ලෝක කුසලාන තරග ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය වාර්තා කළේ ය.

එම වාර්තාව පිහිටවූ අද දිනය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී දිනයක් බවට පත් විය.

අද දිනය 2015 පෙබරවාරි මස 24 වන දා ය.

ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය වාර්තා කළේ, හරියට ම මීට වසර 5කට පෙර ය.

එනම්, 2010 වසරේ පෙබරවාරි මස 24 වන දා ය.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ත්, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ත් එක ම දිනයක වාර්තා වීම සුවිශේෂී සිදුවීමකි.

2010 වසරේ පෙබරවාරි මස 24 වන දා සචින් ටෙන්ඩුල්කාර් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය වාර්තා කළ අවස්ථාව:

2015 වසරේ පෙබරවාරි මස 24 වන දා ක්‍රිස් ගේල් ලෝක කුසලාන තරග ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය වාර්තා කළ අවස්ථාව:

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]