ශ්‍රී ලංකාව අසීරුවෙන් පළමු ජය හිමිකර ගනී (VIDEO)

ශ්‍රී ලංකාව අසීරුවෙන් පළමු ජය හිමිකර ගනී (VIDEO)

ශ්‍රී ලංකාව අසීරුවෙන් පළමු ජය හිමිකර ගනී (VIDEO)

කර්තෘ Staff writer

22 Feb, 2015 | 12:03 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගය නවසීලන්තයේ ඩනඩීන්හි යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත් විය.

තරගයේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමට ය.

ඇෆ්ගනිස්ථාන පළමු කඩුලු 2 ලකුණු 40 ක් තුළ බිඳ වැටිණි.

නව්රෝස් මංගල් ලකුණු 10 කට දැවී ගිය අතර, ජාවෙඩ් අහමෙඩි ලකුණු 24 ය. අස්ඝර් ස්ටැනික්සායි සහ සමියුලාහ් ශෙන්වාරි තුන්වැනි කඩුල්ලට ලකුණු 88 ක සබඳතාවක් ගොඩ නැගූහ.

පස්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ අස්ඝර් ලකුණු 54 ක් රැස් කළේය.

ලසිත් මාලිංග සහ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41 ට කඩුලු 3 බැගින් දවා ගත්හ.

පන්දුවාර 49 යි පන්දු 4 ක් අවසානයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 232 කි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භක පිතිකරු යුගලය වූ ටී.එම් ඩිල්ෂාන්ට සහ ලහිරු තිරිමාන්නට කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකි විය.

කුමාර් සංගක්කාර ලකුණු 7කට දැවී ගියේය. ශ්‍රී ලංකා පළමු කඩුලු 4 ලකුණු 51 ක දී බිඳ වැටුණි..

මහේල ජයවර්ධනට ලෝක කුසලාන ක්‍රිකට් ලකුණු දහස සීමාව ද අද පසු කිරීමට සමත් වූ අතර 19 වැනි එක්දින ශතකය අද වාර්තා කළේය.

මහේල සහ නායක ඇන්ජෙලෝ මැතිව්ස් අතර පස්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 126කි. මැතිව්ස් ලකුණු 44 කි.

මහේල, ජීවන් මෙන්ඩිස් හා තිසර පෙරේරා ශ්‍රී ලංකා 7 වැනි කඩුල්ලට ලකුණු 58 ක නොබිඳුනු සබඳතාවක් ගොඩනැගූහ.

තිසර පෙරේරා නොදැවී ලකුණු 47 ක් රැස් කිරීමට සමත් විය.

පන්දුවාර 48 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 236 ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකාව තරගයෙන් ජය ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය හිමි වූයේ මහේල ජයවර්ධනට ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]