දකුණු අප්‍රිකා – ඉන්දියා තරගයෙන් ඉන්දියාවට ලකුණු 130ක ජයක්

දකුණු අප්‍රිකා – ඉන්දියා තරගයෙන් ඉන්දියාවට ලකුණු 130ක ජයක්

දකුණු අප්‍රිකා – ඉන්දියා තරගයෙන් ඉන්දියාවට ලකුණු 130ක ජයක්

කර්තෘ Staff writer

22 Feb, 2015 | 5:10 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “බී” කාණ්ඩයේ දකුණු අප්‍රිකාව සමග අද පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 130 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 307 කි.

ඉනිමේ වැඩි ම ලකුණු ලාභියා වූ ශිකර් ධවාන් ලකුණු 137 ක් රැස් කිරීමට සමත් විය.

එය ඔහුගේ එක්දින දිවියේ 7 වැනි ශතකය වේ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ක්වයින්ටන් ඩී කොක් ලකුණු 7 කට දැවී ගියේය.

හෂීම් අම්ලා ලකුණු 22 කට දැවී ගිය අතර නායක ඒ.බී ඩිවිලියස්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 30 ක් පමණි.

එක්දින දිවියේ 13 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ෆෆ් ඩු ප්ලෙසිස් අද සමත් වූයේය.

ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 55 කි.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 30 ක දී බිඳ වැටුණි.

රවිචන්ද්‍රන් අශ්වින් පන්දුවාර 10 දී ලකුණු 41 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය.

දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 40 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 177 ක් පමණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]