හෙට තරගයට හොඳ ම ක්‍රීඩකයින් යොදා ගන්නා බව ශ්‍රී ලංකා නායකයා කියයි

හෙට තරගයට හොඳ ම ක්‍රීඩකයින් යොදා ගන්නා බව ශ්‍රී ලංකා නායකයා කියයි

හෙට තරගයට හොඳ ම ක්‍රීඩකයින් යොදා ගන්නා බව ශ්‍රී ලංකා නායකයා කියයි

කර්තෘ Sagarika Chathumali

21 Feb, 2015 | 9:29 pm

හෙට ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගයට හොඳ ම ක්‍රීඩකයින් 11 දෙනා යොදා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගයට සුදානම් වීම සඳහා අද ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුහුණු සැසියට සහභාගී විය.

එහිදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත සඳහන් කළේ, පසුගිය තරගයේ සිදු වූ අඩුපාඩු සැලකිල්ලට ගෙන අමතර පුහුණුවීම් සිදු කළ බව ය.

එහිදී පන්දු රැකීමේ අංශය ගැන ද වැඩි අවධානයක් යොමු කළ බව ඔහු පැවසී ය.

වර්ෂව සහිත කාලගුණයක් මේ දිනවල නවසීලන්තයේ පැවතීම හේතුවෙන් හෙට දිනයේ කාළගුණ තත්වය අනුව කණ්ඩායමේ, සංයුතිය පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව කණ්ඩායම් කළමනාකරු මයිකල් ද සොයිසා ස්පෝර්ට් ෆස්ට් වෙත පැවසී ය.

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරගය නවසීලන්තයේ ඩනඩීන්හීදී හෙට මෙරට වේලාවෙන් අලුයම 3.30 ට ආරම්භ වීමට නියමිත ය.