වත්මන් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ජවිපෙ නායකයාගේ අනාවැකිය (VIDEO)

වත්මන් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ජවිපෙ නායකයාගේ අනාවැකිය (VIDEO)

කර්තෘ Sagarika Chathumali

21 Feb, 2015 | 8:13 pm

ජනාධිපති, පාර්ලිමේන්තු බහුතරය, අගමැති ධුරය සහ වර්තමාන ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පානදුර පැවති ජන හමුවකදී විග්‍රහයක් සිදු කළේ ය.

ඔහු පැවසුවේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඡන්දයට පෙර සහය දුන් සියල්ලට ම ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබා දී ඇති බව ය.

[quote]දැන් සමහර අය අ‍පෙන් අහනවා. මේ කැබිනට් මණ්ඩලය හරි නෑ නේද? ඔව් හරි නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයට ජන්දේට කලින් සහය දෙන්න ආපු ඔක්කොටම ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් තියෙනවා. තව ආවනම් තව හැදෙනවා. වේලාවට ඒගානෙන් බේරුනේ. [/quote]

අරවත් එක්ක හැප්පි හැප්පි, කොනිත්ත, කොනිත්ත, එල්ලී එල්ලී ඉන්න ගියොත් මේ බලගතු වැ‍ඩේ කරගන්න බැහැ.

එම ජන හමුවට එක්වසිටි ටිල්වින් සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළේ ය.

[quote]වැටිච්ච මහින්ද රාජපක්ෂ මහත්තයට පණ දෙන්න උත්සහයක් ආපහු තියෙනවා. කවුද? මේක පටන් අරන් තියෙන්නේ. ඒ‍ගොල්ලන් ගස් වගේ නෙමෙයි පිළිල වගේ පිළිල, පිළිලත් ගස් වර්ගයක් තමයි හැබැයි ඒවට තනියම පැළ වෙන්න බැහැ[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]