ලෝකාන්තයෙන් ඇද වැටුණු මාටින්ස් සිය ජීවිතය බේරාදුන් සෙබළාට ස්තුතිය පළ කළ සංවේදි මොහොත (VIDEO)

ලෝකාන්තයෙන් ඇද වැටුණු මාටින්ස් සිය ජීවිතය බේරාදුන් සෙබළාට ස්තුතිය පළ කළ සංවේදි මොහොත (VIDEO)

කර්තෘ Sagarika Chathumali

21 Feb, 2015 | 10:34 pm

අද පෙරවරුවේ, ලෝකාන්තයෙන් ඇද වැටී ගසක එල්ලෙමින් සිටියදී බේරා ගෙන රෝහලගත කෙරුණු නෙදර්ලන්ත ජාතිකයා ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුගේ බිරිඳ ද සමග නුවරඑළියේ පිහිටි තුන්වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරට පැමිණියහ.

අනතුරට මුහුණ දුන් මාටින්ස් සිය දිවි ගලවා දුන් කෝප්‍රල් සුදේශ් ලාලින්දට එහිදී ස්තුතිය පළ කළේ ය.

මාටින්ස් සහ ඔහුගේ බිරිඳ එහිදී පැවසුවේ, සිය ජීවිතය බේරා දුන් හමුදා සෙබලා කිසිදිනක අමතක නොකරන බව ය.

මාටින්ස් තමන් මුහුණ දුන් එම භායනක අත්දැකීම මෙලෙස විස්තර කළේ ය.

[quote]මෙය මගේ මධුසමයේ විශේෂ මොහොතක්. මම ලොකාන්තයෙන් වැටෙනකොට ‍ලොකු බයක් ඇතිවුණා. මම ලොකු වේදානවකින් හිටියේ.මෙම
පැය තුනාහාමාර මේ ජිවිතයේ ගෙවූ දිගම පැය තුනාහාමාර. එ වෙලාවේ මට මතක්වුණ එක කෙනා මගේ බිරිඳ ලින්ඩා.[/quote]

මීට දින 6කට පෙරදී විවාහ වූ නෙදර්ලන්ත ජාතික මාටයින්ස් සහ ඔහුගේ බිරිඳ නුවරඑළියට පැමිණ ඇත්තේ මධු සමය ගත කිරීම සඳහා ය.

ලෝකාන්තය නැරඹීමට ගිය ඔහු සිය බිරිඳගේ ඡයාරූපයක් ගැනීමට පසුපසට ගොස් ඇති අතර එම අවස්ථාවේ ලෝකාන්තයෙන් පහළට ඇද වැටී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]