දෘශ්‍යාබාධිත දරුවෙකුට ලෝකය දකින්නට මග පෑදු Newsfirst ගම්මැද්ද (VIDEO)

දෘශ්‍යාබාධිත දරුවෙකුට ලෝකය දකින්නට මග පෑදු Newsfirst ගම්මැද්ද (VIDEO)

කර්තෘ Sagarika Chathumali

21 Feb, 2015 | 9:15 pm

දිරිය මිනිසුන් උදෙසා ක්‍රියාත්මක නිව්ස්ෆස්ට් ගම්මැද්ද වැඩසටනේ 15 වන අදියර ගලෙන්බිඳුණුවැව, අලුත් දිවුල්වැව ඉස්මත්තේදී අද පටිගත කෙරිණ.

ගම්මැද්ද වැඩසටහටන්දී සිදු කෙරෙන්නේ, මෙතෙක් අවධානයට ලක් නොවූ ජන ගැටලු සෘජුව ම අදාළ බලධාරීන් වෙත යොමු කිරීම සඳහා වේදිකාවක් සකසා දීම ය.

ගලෙන්බිඳුනුවැව, අළුත්දිවුල්වැව ප්‍රදේශයේ පැවති මෙම වැඩසටහනට එක්වූ ජනතාව පැවසුවේ වී විකුණා ගැනීමේ අපහසුතාවකට මුහුණ පා ඇති බව ය.

එමෙන් ම පසුගිය කාලයේ බාල බීජ ලබා දීම නිසා සෝයා බෝංචි පලදාව අඩුවී ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණ.

පොදු පහසුකම් නැංවීම, වාරිමාර්ග නවීකරණය මෙහිදී මතුවූ ‍මතුවූ තවත් කරුණු දෙකකි.

මෙම සියලු ගැටලුවලට ක්ෂණික හා දිගුකාලීන විසඳුම් ලබාදීමට බලධාරීහු එකඟ වූහ.

අද ගම්මැද්ද වැඩසටහනේදී දෘශ්‍යාබාධිත දරුවෙකුගේ ඉතා සංවේදී ඉල්ලීමක් බලධාරීන් වෙත ඉදිරිපත් විය.

දරුවෙකුට ඇස් පාදමින් පැවැත්වුණු ග‍ලෙන්බිඳුණුවැව ගම්මැද්ද වැඩසටහන ඉන් නොනැවති සියලු දිරිය මිනිසුන්ගේ දෑස් පෑදීමේ මෙහෙවරහි ඉදිරියට යමින් සිටිනු ඇති.

ගම්මැද්ද වැඩසටහනට සමගාමීව අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මූලිකත්වයෙන් අද එම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන වැඩසටහනක් ද ආරම්භ කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]