ඩුබායිහි ටෝච් මහල් නිවාස සංකීර්ණය ගිනිගත් හැටි (VIDEO)

ඩුබායිහි ටෝච් මහල් නිවාස සංකීර්ණය ගිනිගත් හැටි (VIDEO)

ඩුබායිහි ටෝච් මහල් නිවාස සංකීර්ණය ගිනිගත් හැටි (VIDEO)

කර්තෘ Staff writer

21 Feb, 2015 | 2:59 pm

ලොව උසම නිවාස සංකීර්ණවලින් එකක් වන ඩුබායි රාජ්‍යයේ ටෝච් නැමති මහල් නිවාස සංකීර්ණය අද අලුයම ගිනි ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිවාස සංකීර්ණයේ 50 වැනි මහලේ ගින්න හටගන්නට ඇති බව ය.

පවතින අධික සුළං තත්ත්වය ගින්න වේගයෙන් පැතිරයාමට හේතුවී තිබේ. ගොඩනැගිල්ලේ සුන්බුන් සුළං සමග සෙසු ගොඩනැගිලිමතට ද පතිත වී තිබේ.

සිද්ධියෙන් ජීවිත හානි වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව කුමක් ද යන්න අනාවරණය වී නොමැත.

මේ වන විට එම ගොඩනැගිල්ලෙන් පුද්ගලයින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඩුබායිහි මරීනා දිස්ත්‍රික්කයේ පිහිටි මෙම ගොඩනැගිල්ල 2011 වසරේ විවෘත කෙරුණු අතර, එය මහල් 79 කින් සමන්විත වේ. එහි උස අඩි 1105 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]