කොදෙව්වන් ඉදිරියේ පකිස්ථානයට අන්ත පරාජයක්!

කොදෙව්වන් ඉදිරියේ පකිස්ථානයට අන්ත පරාජයක්!

කොදෙව්වන් ඉදිරියේ පකිස්ථානයට අන්ත පරාජයක්!

කර්තෘ Staff writer

21 Feb, 2015 | 11:44 am

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 150 ක විශිෂ්ඨ ජයක් අත්පත් කර ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.

කොදෙව් කණ්ඩායම ලබා දුන් ලකුණු 311 ක ඉලක්කය හඹාගිය පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 39 ක දී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 160 ක් පමණ ය.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 310 ක් රැස් කළේය.

ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 26 ක් තුළ දැවී ගියහ.

තුන්වැනි කඩුල්ලට එක්වූ ඩැරන් බ්‍රාවෝ හා මාලන් සැමුවෙල් අතර ගොඩනැගුණු සබඳතාව ලකුණු 75 කි.

වම් පාදයේ මස්පිඩු ආබාදයකට ලක්වීම හේතුවෙන් ලකුණු 49 ක් ලබා සිටි ඩැරන් බ්‍රාවෝට පිටියෙන් ඉවත් වීමට සිදු විය.

දිනේෂ් රාමිදීන් ලකුණු 51 ක් සහ ලේන්ඩ්ල් සිමන්ස් ලකුණු 50 ක් රැස් කළහ.

48 වැනි පන්දුවාරයේදි පන්දුවට පහරදීමට පැමිණි ඇන්ඩෘ රසල් පන්දු 13 ක දී හයේ පහර 4 ක් හා හතරේ පහර 3 ක් සමගින් ලකුණු 42 ක් නොදැවී රැස් කළේය.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 310 කි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු 4 බිඳ වැටුනේ එක් ලකුණක් තුළ ය.

එක්දින ජාත්‍යන්තර තරගයකදී, කඩුලු 4ක් එක් ලකුණක දී බිඳවැටුණ පළමු අවස්ථාව එයයි.

ශොහේබ් මක්සූඩ් ලකුණු 50 ක් සහ උමාර් අක්මාල් ලකුණු 59 ක් පකිස්ථානය වෙනුවෙන් ලකුණු රැස් කළහ.

තරගයේ වීරයා සම්මානය ඇන්ඩෘ රසල් ට හිමි විය.