උඩුනුවර පියෙක් සහ ඔහුගේ දස හැවිරිදි දියණිය නොඑන ගමන් යති (VIDEO)

උඩුනුවර පියෙක් සහ ඔහුගේ දස හැවිරිදි දියණිය නොඑන ගමන් යති (VIDEO)

කර්තෘ Sagarika Chathumali

21 Feb, 2015 | 6:21 pm

මහනුවර අධිකරණ සංකීර්ණය අසලදී දුම්රියක ගැටීමෙන් පියෙක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්වූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඔවුන් දෙදෙනා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව ය.

උඩුනුවර, පානබොක්ක ප්‍රදේශයේ පදිංචි අදාළ පියා (44) සිය දියණිය(10) ද සමග උදෑසන 8ට පමණ නිවසින් පිටව ගොස් තිබුණි.

ඒ දියණිය ශිෂ්‍යත්ව උපකාරක පන්තියකට සහභාගී වීම කරවීම සඳහා ය.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, දුම්රියේ ගැටුණු පියා එම ස්ථානයේදී ම මිය ගොස් ඇති බව ය.

දියණිය මහනුවර රෝහලට අතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

අනතුරින් මිට ගිය 10 හැවිරිදි විදූෂි දුල්මිණි දරු දෙදෙනෙකුගෙන් යුත් පවුලේ එක ම දියණිය වූවා ය.

නිශාන්ත අබේකෝන් වන ඇයගේ පියා 44 හැවිරිදි යුධ හමුදා සාමාජිකයෙකි.