අම්බුලුවාව රක්ෂිතයේ ගින්නකින් අක්කර 400ක විනාශයි (VIDEO)

අම්බුලුවාව රක්ෂිතයේ ගින්නකින් අක්කර 400ක විනාශයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

21 Feb, 2015 | 9:39 pm

ගම්පොළ, අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය පිහිටි කන්දේ හටගත් ගින්නකින් අක්කර 400 කට අධික ප්‍රමාණයක් විනාශ විය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසුවේ, අද දහවල් වනවිට ගින්න පැතිරීම වැළැක්වීමට හැකි වූ බව ය.
මහනුරව ගිනි නිවීම් රථ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය භූමිට ළඟා වනවිට ත් රක්ෂිත ප්‍රදේශයේ ගින්න පැතිරෙමින් තිබිණ.

ප්‍රදේශවාසින් සඳහන් කළේ, ඊයේ පස්වරුවේ කඳු පාමුලින් ආරම්භ වූ මෙම ගින්න අද දහවල් වනවිට කදුමුදුන දක්වා පැතිරයමින් තිබු බව ය.

අනතුරුව පොලීසිය, යුද හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිරිම වැළැක්වීම සඳහා පියවර ගත්තේ ය.

ඊට අමතරව ගිනි නිවීම් රථ ද යොදා ගත් අතර ගින්න පාලනය සඳහා ගිනිවැටි යෙදිමට ද පියවර ගැනිණ.

අද දහවල් වන විට ගින්න පැතිරිම සම්පූර්ණයෙන් ම පාලනය කළ අතර ඒ වනවිටත් අක්කර 400 කට අධික වපසරියක පිහිටි ආවේණික ශාඛ හා සත්ත්ව විශේෂ සම්පූර්ණයෙන් විනාශ වී තිබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]