මී උණ වැළඳී ගම්පහ තරුණයින් දෙදෙනෙක් මරුට: තවත් 13ක් රෝහලේ

මී උණ වැළඳී ගම්පහ තරුණයින් දෙදෙනෙක් මරුට: තවත් 13ක් රෝහලේ

මී උණ වැළඳී ගම්පහ තරුණයින් දෙදෙනෙක් මරුට: තවත් 13ක් රෝහලේ

කර්තෘ Sakila Udayakumara

18 Feb, 2015 | 4:38 pm

මී උණ වැළඳීමෙන් ගම්පහ, වීරගුල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, පරීක්ෂණවලදී ඔවුන්ට මී උණ වැළඳී ඇති බවට තහවුරු වූ බව ය.

මියගිය දෙදෙනා 23 හා 16 වයස්වල පසුවන්නෝ වෙති.

මේ අතර මී උණ වැළඳී ඇති බවට සැකකෙරෙන වීරගුල ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් 13 දෙනෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අප වාර්තාකරු පැවසුවේ වීරගුල ප්‍රදේශයේ වෙල් යායක මෙම පිරිස දෛනිකව ක්‍රීඩා කරන බව ය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 543 දෙනෙකු වාර්තා වී ඇති බව ය.

වැඩි ම මී උණ රෝගීන් සංඛ්‍යාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 63කි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]