ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයෙන් ධීවරයින්ට නිදහස

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයෙන් ධීවරයින්ට නිදහස

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයෙන් ධීවරයින්ට නිදහස

කර්තෘ Sagarika Chathumali

15 Feb, 2015 | 10:12 am

මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙරට හා ඉන්දීය ආරක්ෂක අංශ භාරයේ තිබූ ධීවර යාත්‍රා මුදා හැර තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරයට සමගාමීව ය.

ධීවර රාජ්‍ය ආමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා සඳහන් කළේ, මේ යටතේ මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය ධීවර බෝට්ටු 86ක් සහ ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවරයින් සහ ශ්‍රී ලංකාවේ ධීවර බෝට්ටු 27ක් මුදා හැරීමට පියවර ගත් බව ය.

දිලීප් වෙදආරච්චි මහතා සඳහන් කළේ, ඉන්දීය සංචාරයේදී දෙරටේ ධීවර ගැටලුව පිළිබඳව සාකච්ඡා කරන බව ය.