වැඩබලන කැබිනට් ප්‍රකාශකට නොපෙනුණු ‘Port City’ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙන්න.. (VIDEO)

වැඩබලන කැබිනට් ප්‍රකාශකට නොපෙනුණු ‘Port City’ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙන්න.. (VIDEO)

කර්තෘ Sagarika Chathumali

12 Feb, 2015 | 9:35 pm

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් මේ වනවිට නතර වී ඇතැයි, වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් පැවසුවේ, ව්‍යාපෘතිය නතර නොකරන බවට එය භාරව සිටින චීන සමාගමක උසස් නිලධාරියෙකු පවසා ඇති බව ය.

එහෙත් අමාත්‍යවරයා පැවසුවේ, ව්‍යාපෘතිය ඒ වන විට නැවතී ඇති බව ය.

කෙසේවෙතත් කොළඹ වරාය නගරය හෙවත් පෝට් සිටි හි ඉදිකිරීම් අදත් සිදුවෙමින් පවතින අයුරු අප කැමරාවේ සටහන් විය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]