SWISS LEAKS: Swiss බැංකුවේ ඇති ශ්‍රී ලාංකිකයින්ගේ රහසිගත ගිණුම් පිළිබඳ තොරතුරු හෙළිවෙයි

SWISS LEAKS: Swiss බැංකුවේ ඇති ශ්‍රී ලාංකිකයින්ගේ රහසිගත ගිණුම් පිළිබඳ තොරතුරු හෙළිවෙයි

SWISS LEAKS: Swiss බැංකුවේ ඇති ශ්‍රී ලාංකිකයින්ගේ රහසිගත ගිණුම් පිළිබඳ තොරතුරු හෙළිවෙයි

කර්තෘ Kumudu Jayawardana

10 Feb, 2015 | 4:12 pm

මාධ්‍යයට හෙළි වූ Swiss බැංකුවේ ලිපි ගොනු ආනුසාරයෙන් ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය (ICIJ) විසින් සකස් කළ විශ්ලේෂණයකට අනුව Swiss බැංකුවේ පවත්වා ගෙන යන ශ්‍රී ලාංකිකයින්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු මාධ්‍යයට අනාවරණය කර තිබේ.

එම වාර්තාවට අනුව, Swiss බැංකුවේ ශ්‍රී ලාංකිකයින් විසින් පවත්වා ගෙන යන රහසිගත බැංකු ගිණුම් සංඛ්‍යාව 129කි.

එම ගිණුම් ශ්‍රී ලාංකිකයින් 92 දෙනෙකුට අයත් ඒවා වේ.

එම රහසිගත බැංකු ගිණුම් 129 අතරින් 88ක් 1974 වසර ත් 2006 වසර ත් අතර කාලයේ විවෘත කර තිබේ.

එම ගිණුම් 129හි සමස්ත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 58.3කි. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් මිලියන 7677.5කට අධික ය. (අද දිනයේ අමෙරිකානු ඩොලරයක වටිනාකම = රු. 131.69)

එම ගිණුම් අතර වැඩි ම මුදලක් සහිත ගිණුමෙහි අමෙරිකානු ඩොලර් මිලියන 10.7ක් පවතී. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් මිලියන 1409 ඉක්මවයි.

ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය (ICIJ) නිකුත් කර ඇති වාර්තාව අනුව රටවල් රැසක පුද්ගලයින් Swiss බැංකුවේ පවත්වා ගෙන යන රහසිගත බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ.