සුදර්මන් රදලියගොඩ අධිකරණය හමුවේ ඉහළ නිලධාරියාව පාවා දෙයි!

සුදර්මන් රදලියගොඩ අධිකරණය හමුවේ ඉහළ නිලධාරියාව පාවා දෙයි!

සුදර්මන් රදලියගොඩ අධිකරණය හමුවේ ඉහළ නිලධාරියාව පාවා දෙයි!

කර්තෘ Kumudu Jayawardana

10 Feb, 2015 | 1:57 pm

ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ මහතා පෙබරවාරි 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන පරිදි සහ මහින්ද රාජපක්ෂ මහතාට වාසි වන අන්දමින් DVD තැටියක් නිර්මාණය කර, එය ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ නිතර නිතර විකාශය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

වයස අවුරුදු 14ක පිරිමි ළමයෙකුගේ හඬ පටයක් ලබා ගනිමින්, මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මව රඳවා තබාගෙන සිටින බවට වූ වීඩියෝවක් එම DVD පටයෙහි දැක්වෙන බව පැමිණිල්ලේ සඳහන් වේ.

ළමා හා කාන්තා කාර්යංශයට එම දරුවාගේ මව කළ පැමිණිල්ලක් අනුව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා සැකකාර සුදර්මන් රදලියගොඩ මහතා අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජය ගමගේ මහතා ප්‍රකාශ කළේ, ඔහුට ඉහළින් සිටින නිලධාරියෙකු වන අනුර සිරිවර්ධන මහතා කළ නියමයක් අනුව සැකකරු මෙය සිදු කර ඇති බව ය.

ඒ අනුව, අනුර සිරිවර්ධන මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.