සත්ත්ව කරුණාව නිසා ජීවිතය අහිමි කර ගත් තෙහැවිරිදි දරුවෙක් (VIDEO)

සත්ත්ව කරුණාව නිසා ජීවිතය අහිමි කර ගත් තෙහැවිරිදි දරුවෙක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 Feb, 2015 | 5:02 pm

වරකපොල, දෙල්ගමුව ප්‍රදේශයේදී ගවයෙකු පහරදීමෙන්  තුවාල ලබා සිටි කුඩා දරුවකු ‍මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, ධනුක නෙත්සර නම් අවුරදු තුන හමාරක් වයසැති දරුවෙකි.

දරුවන් තිදෙනෙ‍කුගෙන් යුතු පවුලේ බාලයා වූ නෙත්සර පසුගිය 3 වන දා නිවසේ ඇති කරන ග‍වයාට කෑම දීමට ගොස් ඇති අතර එහිදී පහර දීමට ලක්ව ඇත.

අනතුරින් තුවාල ලැබූ නෙත්සර ප්‍රතිකාර සඳහා වරකපොල මූලික රෝහලට ත් අනතුරව කෑගල්ල ‍රෝහලට ත් ඇතුළත් කෙරිණ.

කෙසේ වෙතත් නෙත්සර පසුගිය 8 වන දා මහනුවර මහ රෝහලේදී ජීවිතක්ෂයට පත්විය.