ලෝක කුසලානයට කැඳවූ දුෂ්මන්තට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල තාක්ෂණික කමිටුවේ අනුමැතිය

ලෝක කුසලානයට කැඳවූ දුෂ්මන්තට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල තාක්ෂණික කමිටුවේ අනුමැතිය

ලෝක කුසලානයට කැඳවූ දුෂ්මන්තට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල තාක්ෂණික කමිටුවේ අනුමැතිය

කර්තෘ Sagarika Chathumali

10 Feb, 2015 | 10:37 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කැඳ වූ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට අන්තර් ජාතික ක්‍රිකට්
කවුන්සිල තාක්ෂණික කමිටුවේ අනුමැතිය අද හිමි විය.

ඔහු කණ්ඩායමට කැඳවූයේ ධම්මික ප්‍රසාද් ආබාධයකට ලක්වීම හේතුවෙනි.

දුෂ්මන්ත හෙට අලුයම නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතව ය.

රාගමදී උපත ලද 23 හැවිරිදි දුෂ්මන්ත චමීර, සහෝදරයකු සහ සහෝදරියකගෙන් සමන්විත පවුලේ වැඩිමලා ය.

ඔහු මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන කාලයේම ක්‍රිකට් ක්‍රීඩාවටත් අත්පොත් තැබී ය.

දුෂ්මන්ත පාසල් ක්‍රිකට් පිටියේ කැපී පෙනන ක්‍රීඩකයෙකු බවට පත් වූයේ උසස් පෙළ හැදෑරීම සඳහා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළු වීමෙන් අනතුරුව ය.

දකුණතින් මද වේග පන්දු යවන දුෂ්මන්ත, අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේදී එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් තරග 20කදී ලකුණු 1497කට කඩුලු 51ක් දවා ගත්තේ ය.

ඔහු මෙවර තුන්දින තරගාවලියේ තරග 2කදී ලකුණු 234කට දවාගෙන සිටින කඩුලු සංඛ්‍යාව 9කි.

පසුගිය මස 29 වන දා නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදි පැවැති තරගයේදී එක්දින  වරම් දිනූ දුෂ්මන්ත චමීර, එම තරගයේදී ලකුණු 60කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.